චීන ආධාර මත රොහල් 13 ක් සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) –චීන සමූහාණ්ඩුවේ සහනදායි ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ සදහා අමරිකානු ඩොලර් මිලියන 85 ක මුදලක් වැය කිරීමට නියමිතය.

දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල, අළුත්ගම ප්‍රාදේශීය රෝහල, මීරිගම මුලික රෝහල, සමන්තුරේ මුලික රෝහල, එරාවුර් මුලික රෝහල, පොතුවිල්මුලික රෝහල, කල්පිටිය ප්‍රාදේශීය රෝහල, රකිල්ලගස්කඩ මුලික රෝහල, මැදිරිගිරිය මුලිකරෝහල, පදවිය මුලික රෝහල,වලස්මුල්ල මුලික රෝහල, කලවාන මුලික රෝහල, මහියංගණය මුලික රෝහල යන රෝහල් මෙහිදී සංවර්ධනය කිරීමට නියමිතය.

මෙම රෝහල්වල බාහිර රෝගීඅංශය, සායන සංකීර්ණ, වාට්ටු සංකීර්ණ, මාතෘ ඒකක, ඖෂධ ගබඩා, බෝනොවන රෝග ඒකක, රුධිරපාරවිලයන මධ්‍යස්ථාන, රසායනාගාර, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, මාතෘ වාට්ටුසංකීර්ණ ඇතුලු තවත් සේවා ස්ථාන රැසක් සංවර්ධනය කිරීමට අපේක්‍ෂිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ ඩොලර් මිලියන 30 ක් වටිනා වෛද්‍ය උපකරණ ද එම රෝහල්වලට ලබාදීමට ද කටයුතු යොදා ඇත.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස අළුත්ගම ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණය, ඖෂධ ගබඩාව, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය සහ බෝනොවන රෝග ඒකකය ඉදිකිරීමට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණහා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 15 වනදා පෙරවරු 10.00 ට එම රෝහල් භූමියේ දී සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *