ලංකා බැංකුවේ තුරුණු දිරිය රූපලාවන්‍ය ශිල්පීන්ටත් දිරියක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – යොවුන් ව්‍යවසායකයින් නගාසිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මකවන තුරුණුදිරිය ලංකාබැංකු ණය යෝජනා ක‍්‍රමයේ තවත් ණය ප‍්‍රදාන කිහිපයක් පසුගිය දා නිකුත් කරන ලදී.

පේසාලේ, කටුපොත සහ පානදුර යන ලංකාබැංකු ශාඛාවලින් එක් අයෙකුට ලක්‍ෂ 5 බැගින් මෙම ණය ප‍්‍රදාන නිකුත් කර ඇති අතර එම ණය ලාභීන් තිදෙනාම රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ නියුතු කුඩාපරිමාණ ව්‍යාපාරිකයින්වීම සුවිශේෂය. මෙහි පළමු ණය වාරිකය අන්තර්ජාලය තුළින් ඔන්ලයින් ක‍්‍රමයට භාණ්ඩ ගනුදෙනුකරනා තරුණයෙකුට ලබා දී තිබුණි.

මේ වනවිට මෙම ණය යෝජනා සදහා සුදුසුකම් ලැබු ප‍්‍රතිලාභීන් 800ක් පමණ හදුනාගෙන ඇති අතර ඒ අතුරින් 330කගේ ව්‍යාපාරික සැළැසුම් සකස්කර අවසන් බවත් මෙම ණය ව්‍යාපෘතියේ වර්තමාන ප‍්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ කුඩාව්‍යාපාර සංවර්ධන අංශය මගින් ප‍්‍රකාශ කරන ලදී. දිවයිනේ සියළුම දිස්ත‍්‍රික්ක අතුරින් මඩකලපුව, ත‍්‍රිකුණාමලය සහ අනුරාධපුරය යන දිස්ත‍්‍රික්කවලින් මේ සදහා වැඩිම ඉල්ලූමක් දැනට ලැබී ඇති බවද හෙළි විය.

තුරුණුදිරිය ලංකාබැංකු ණය යෝජනා ක‍්‍රමය මගින්උපාධියක් හෝ පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයින් සදහා සහන පොලීඅනුපාත යටතේමෙම ණය ප‍්‍රදානය සිදුකරයි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීම මත කුඩාව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියළුම දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙය ක‍්‍රියාත්මකවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *