සෞදි රියදුරු බලපත්‍රය හිමිවූ පළමු යුරෝපා කාන්තාව

(කොළඹ, ලංකාපුවත්) – සෞදි කාන්තාවන්ට රිය පැදවීම සඳහා නීත්‍යානුකූල රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සෞදි රජයේ වැඩපිළිවෙළ යටතේ එලෙස රියදුරු බලපත්‍රය ලබා ගත් පළමු යුරෝපා කාන්තාව ලෙස පින්ලන්ත ජාතික කාන්තාවකට අවස්ථාව හිමිව ඇත.

මෙම ලෙස සෞදියේදී රියදුරු බලපත්‍රය හිමි කරගත් පළමු යුරෝපා කත වූයේ ලෝරා අල්හෝ නැමැති පින්ලන්ත කාන්තාවක් බව ගල්ෆ් පුවත් සේවය වාර්තා කර ඇත.

සෞදියේ බ්ලූ අබයා නැමති සංචාරක බ්ලොග් පිටුවක සංස්කාරකවරියක වන ලෝරා කියා සිටියේ තමාට රියදුරු බලපත්‍රය නිකුත් කරමින් ,තමන් මෙලෙස බලපත්‍රයක් හිමි කර ගත් පළමු යුරෝපීය කත වන බව සෞදි බලධාරීන් කියා සිටි බවය.

මොරූර් හි රථවාහන අංශයෙන් තමාට හිමි විදෙස් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඉතාම හොදින් සිදු වූ බව ද ඇය කියා සිටින්නීය. විශේෂයෙන් එරට වැසියන්ට හා විදේශකයින්ට එකම ක්‍රමවේදයකට සිදු වී බවද ලෝරා කියා සිටින්නීය.

සෞදි කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබා දීමට සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසි අල් සෞද් තීරණය කළේ පසුගිය වසරේය. ඒ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ යෝජනාවකට අනුවය.

කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර දීම සිදුවන්නේ රජ ආඥාවක් හරහාය. එය සිදුවීමට නියමිතව ඇත්තේ ලබන 24 වැනිදා සිටය. සුදුසුකම් ලැබූ සහ විදේශ රියැදුරු බලපත්‍ර ඇති කාන්තාවන් 2,000 කට මෙම සතිය ඇතුළත රියැදුරු බලපත්‍ර ලබා දෙන බව සෞදි මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *