කඩදාසිවලින් නිර්මාණය වූ පාපන්දු ක්‍රීඩකයින්

(කොළඹ, ලංකාපුවත්) – මේ චීනයේ හ බේ පලාතේ කඩදාසි කැපුම් නිර්මාණ ශිල්පිනියක වන ‍ෆෙං ෂ් පිං මහත්මියගේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පිළිබඳ නිර්මාණ කිහිපයකි.

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයින් ඇගේ නිර්මාණවලට හසු කරගෙන ඇත. මේ සදහා සති දෙකක කාලයක් ඇයට ගත වී තිබේ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ දී අද(14) ආරම්භ වේ. ලොව විශිෂ්ටතම පාපන්දු කණ්ඩායම් 32ක්, කාණ්ඩ 8ක් යටතේ මූලික වටයේ දී තරග වැදීම සිදු වේ. අද සිට ජූලි මස 15 වැනිදා දක්වා රුසියාවේ නගර 11ක ක්‍රීඩාංගණ 12කදී තරග පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *