ගිනි අවියක් සමඟ යුද හමුදාවේ දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමඟ යුද හමුදාවේ සේවයේ නියුතු දෙදෙනෙකුව ඊයේ(13) සවස හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවකපුරයට ගමන් ගන්නා මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම් සිදු කර තිබේ.

එහිදී විදේශ රටක නිෂ්පාදිත මිලිමීටර 09 වර්ගයේ ගිනි අවියක් හා හිස් පතුරම් ගැබ් 01ක් සන්තකයේ තබාගෙන සිටිය දී යුද හමුදා අරක්කැමියකු හා ඊට ආධාර අනුබල දුන් යුද හමුදා කෝප්‍රල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ.

සැකකරුවන් දෙදෙනා අද(14) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ිසදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *