රිය අනතුරකින් මවක් සහ අවුරුදු දෙකක දියණිය මරුට

(කොළඹ, ලංකාපුවත්) – කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයේ නුලවෙල ඩිපෝව අසළ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් මවක් සහ කුඩා දියණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද(14) උදෑසන මව, පියා සහ කුඩා දියණිය කුරුණෑගල දෙස සිට කටුගස්තොට දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් එම දිසාවටම ගමන් කළ යතුරු පැදියක පිටුපස ගැටී කටුගස්තොට දෙස සිට කුරුණෑගල දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක පසුපස රෝදයට යටවීමෙන් මෙම මාරක රිය අනතුර සිදු ව ඇත.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වූ අඹන්පොල පදිංචි චාන්දනී කුමාරි නැමැති මව සහ ඇයගේ වයස අවුරුදු 02යි මාස 03ක් වූ සඳලි තාරකා නැමැති දියණියයි.

බස් රථයේ රියදුර අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලිසිය සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *