සිරකරුවන්ටත් පොත් කියවීම හුරු කරලා නීතිගරුක පුරවැසියන් කළ යුතුයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සිරගෙවල් තුළ සිටින පිරිස ද පොත් කියවීමට හුරු කරමින් නීතිගරුක පුරවැසියන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෑතකාලීන ව දිවයිනට බල පෑ ගංවතුර හා හදිසි ආපදාවන්ගෙන් හානියට පත් ප්‍රදේශවල පිහිටි පුස්තකාල සඳහා ලීබඩු උපකරණ හා පොත් පරිත්‍යාග කිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ඊයේ(13) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ හැකි නම් ඉතා වටිනා බවයි.

ඔවුන් පොත් කියවා ඒ සම්බන්ධ විචාරයන් ද ඉදිරිපත් කිරීම සඳහා පොළඹවාලීමට කටයුතු කර ඉන් ඉහළ ප්‍රගතියක් පෙන්වන පුද්ගලයන් සඳහා නීතිමය වශයෙන් හානියක් සිදු නොවන ආකාරයට යම් සහනයක් ලබාදීමට ද අවස්ථාව ලැබුණ හොත් ඉතා වැදගත් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

යළිත් වරදක් නොකරන පුද්ගලයන් බවට එම පුද්ගලයන් පත් කිරීම සඳහා පොත් කියවීම යොදා ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.​

Leave a Reply

Your email address will not be published. Required fields are marked *