ඉන්ෆ්ලුවෙන්සා ගැන දරුවන් දැනුවත් කිරීමට ගුරුවරුන්ට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගුරුවරුන් වෙත යොමුකර තිබේ.

ඒ අනූව පාසල්යේදී ඉන්ෆුල්වෙන්සා රෝග ලක්ෂණ හඳුනාගතහොත් මව්පියන්ට දැනුම් දීම, ඔවුන් පැමිණෙන තෙක් දරුවා විවේකීව වෙනම ස්ථානය තැබීම, උණ තත්වයක් පවතී නම් පැරසිටමෝල් ඖෂධය නියමිත මාත්‍රාවෙන් ලබාදීම, අවදානම් රෝග ලක්ෂණ ඇත්නම් මව්පියන්ට දන්වා දරුවා රෝහල්ගත කිරීම, දරුවන්ට වැඩි අවධානයකින් පෝෂ්‍යදායී ආහාර ලබා දෙන ලෙස මව්පියන්ට උපදෙස් දීම, රෝගය සුවන වන තුරු දරුවා පාසල් එවීමෙන්, අමතර පන්ති යැවීමෙන් සහ සෙල්ලම් කිරීමෙන් වළක්වා හොඳින් විවේකීව තැබීමට දෙමාපියන්ට උපදෙස් දීම, ඩෙංගු රෝගය ද පවතින බැවින් වෛද්‍යවරයාට සියලු රෝග ලක්ෂණ නොසඟවා පැවසීම වැනි උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් යොමුකර ඇත.

ඉන්ෆ්ලුවෙන්සා හා ප්‍රතිකාර පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක සුවසැරිය ක්ෂණික දුරකථන සේවාව ඇමතීමෙන් වැඩිවිස්තර නොමිලයේ ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 2 =