මඤ්ඤොක්කා කිලෝ ලක්ෂයක් ගැනීමට කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – නිසි මිලක් නොලැබීම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ට අලෙවි කර ගැනීමට නොහැකිව ඇති මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් ලක්ෂයක් වහාම මිලදී ගැනීමට පියවර ගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ඊයේ (14) පැවති රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අතරමැදියන් විසින් ගොවීන්ගේ නිෂ්පාදන කුණු කොල්ලයට මිලදී ගැනීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා අතර, පාරිභෝගිකයන් වෙත සහන මිලක් යටතේ මඤ්ඤොක්කා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසයි.

අදාළ මඤ්ඤොක්කා කිලෝග්‍රෑම් ලක්ෂය මිලදී ගැනීමට අවශ්‍ය මුදල්, අවශ්‍යතාව පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබාදීමට හැකි බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *