කරන්දෙණිය උප සභාපති ඝාතකයා දැලේ

(කොළඹ, ලංකාපුවත්) – කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර මහතා වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

කහව, වේරගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ කල්ලි ප්‍රධානියෙකු වන “කොස්ගොඩ සුජී” නමැත්තාගේ සහයයෙකු බව ද පැවසේ.

‍‍පසුගිය 08 වනදා රාත්‍රියේ ඌරගස්මංහන්දිය, කොරකීන ප්‍රදේශයේදී කැබ් රථයකින් ගමන් කරමින් සිටි කරන්දෙණිය ප්‍රදේශීය සභාවේ උප සභාපතිවරයාට යතුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබුණි.

සිද්ධියට අදාළ එක් සැකකරුවෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *