දෙවැනි ටෙස්ට් තරඟය : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 253කට සීමා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශාන්ත ලුසියාහීදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 253කට සීමා විය.

එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ටෙස්ට් ශතකය වාර්තා කළ අතර ඔහු නොදැවී ලකුණු 119ක් ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් ලබා ගැනිමට සමත් විය.

පන්දු යැවිමේදී ෂැනන් ග්‍රේබ්රියල් ලකුණූ 59කට කඩුලු 05ක් සහ කෙමර් රෝච් ලකුණු 49කට කඩුලු 04ක් දවා ගත්තේය.

ඊයේ(14) දිනය නිමා වන විට පිළිතුරු ඉනිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 02ක් ලබා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *