රුසියානු කණ්ඩායමට වාර්තාගත ජයක්

(කොළඹ, ලංකාපුවත්) – සිව්වසරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ දී ඊයේ(14) ආරම්භ විය.

ඒ අනුව 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන්ම සත්කාරක රුසියාව වාර්තා ගත ජයක් ලබා ගැනීම සමත්විය.

ඒ සෞදි අරාබිය සමගින් පැවැති තරගයේදි ගෝල 5-0ක ජයක් වාර්තා කරමිනි.

විශිෂ්ටතම පාපන්දු කණ්ඩායම් 32ක්, කාණ්ඩ 8ක් යටතේ මූලික වටයේ දී තරග වැදීම සිදු වේ. ජූලි මස 15 වැනිදා දක්වා රුසියාවේ නගර 11ක ක්‍රීඩාංගණ 12කදී තරග පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *