හදිසි අනතුරකින් මිය ගිය සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක්

(කොළඹ, ලංකාපුවත්) – නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර හදිසි අනතුරකින් මිය ගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කළ රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය වෙනුවෙන් ජාතික රක්ෂණභාර අරමුදල යටතේ රුපියල් ලක්ෂ 20ක මුදලක් පිරිනැමීම ඊයේ (14) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

මියගිය විදුහල්පතිනියගේ ස්වාමිපුරුෂයා වන තිලකරත්න අබේසිංහ මහතා වෙත මීට අදාළ චෙක්පත අමාත්‍යවරයා විසින් පිළිගන්වනු ලැබීය. මෙම අවස්ථාවට ජාතික රක්ෂණභාර අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නියෝජිතවරුන් පිරිසක් එක්ව සිටියහ.

2016 අයවැය යෝජනා අනුව අග්‍රහාර රක්ෂණය යටතේ රන් සහ රිදී යනුවෙන් නව රක්ෂණ ක්‍රම දෙකක් හඳුන්වා දී තිබූ අතර, අතපත්තු මහත්මිය විසින් රන් රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත් ව සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *