හෙරොයින් සමග වෙලේ සුදාගේ ගෝලයෙක් පිළියන්දලදී අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 02ක් සමඟ සැකකරුවෙකු පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (14) රාත්‍රී සිදු කළ මෙහෙයුමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

එහිදී හෙරොයින් තොඟය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු, දැනට බන්ධනාගාර ගත කර සිටින වෙලේ සුදා නමැත්තාගේ නියෝජිතයෙකු බවට හදුනාගෙන තිබේ.

මෙම සැකකරු 35 හැවිරිදි වියේ පසුවන අතර කලක සිට හෙරොයින් බෙදා හැරීමේ නිරතව සිටි ප්‍රධාන ජාවාරම්කරුවෙකු බවත් පොලීසිය සදහන් කරයි.

සැකකරු සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ උණ්ඩ කිහිපයක් පොලිස් බාරයට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *