(කොළඹ, ලංකාපුවත්) – ලොව විශාලතම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සමාගමක් වන JCB සමාගම සහ 70 වසරක් පුරා ලොව සුපතල මගී සහ වාණිජ රථවාහන සන්නාමයක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී (UML) සමාගම සමග පසුගිය බ්‍රහස්පතින්දා (14) ශ්‍රී ලංකාව තුළ පුළුල් පරාසයක පැතිරුණු යන්ත්‍රෝපකරණ බෙදාහැරීම සඳහා සහයෝගීතාවකට ප්‍රවේශ වූ බවට නිවේදනය කර සිටී.
මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෑලියගොඩ නුවර පාරේ පිහිටුවා ඇති නවීනතම තෙමහල් 3Sපහසුකමින් යුත් යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගමේ ප්රදර්ශනාගාරයේදී පැවැත්විණි. පාරිභෝගිකයින්හට මෙම නවීන ප්‍රදර්ශනාගරය වෙතින් JCB යන්ත්‍ර, උපාංග, සේවා සහ නියම JCB අමතර කොටස් ලබාගැනීමේ හැකියාව පවතී.
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ වෙළඳ පොළ වෙනුවෙන් නිශ්පාදනය කළ Excavators, Compactors, WheeledLoaders, Telescopic handlers සහ Power generators වැනි නිහ්පාදන පෙළක් ඇතුළත්ය.
මෙහිදී අදහස් දැක්වූ JCB ඉන්ඩියා, කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී විපින් සෝන්දි මහතා‘අපි අතිශයින්ම සතුටට පත්වෙනවා යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම සමග මෙවන් හවුල්කාරීත්වයකට පිවිසීමට හැකිවීම පිළිබඳ. මේ තුළින් ලොව ඉහළතම JCB නිෂ්පාදන හා සේවාවන් පාරිභෝගිකයින්ට ලබාදීමට අපිට හැකිවෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ගොඩනැඟිලි ඉදිකිරීම් ක්ෂේත්රයටද සුවිශේෂී දායකත්වයක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා‘ යනුවෙන් පවසා සිටියේය.
යුනයිටඩ් මෝටර්ස් ලංකා සමූහයේප්රධාන විධායක නිලධාරි / විධායක අධ්‍යක්ෂක චානක යටවර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ‘අපගේ ප්‍රධාන ඉලක්කය JCB සතු නවීනතම telematics තාක්ෂණය, මඟින් පාරිභෝගිකයන්ට ඉහළ කාර්යක්ෂම සේවයක් ලබාදීමටයි. JCB Livelink මඟින් අපට යන්ත්‍රයන්හි ක්‍රියාකාරීත්වය විමර්ෂණය කළ හැකිවනවා. එමඟින් නඩත්තු කිරීම් වළක්වා ගැනීමටත් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමටත් හැකිවනවා‘ යනුවෙන් පවසා සිටියේය.
මෙම නවීනතම මධ්‍යස්ථානය තුළින් JCB නිශ්පාදන අලෙවිය යන්ත්‍ර අලුත්වැඩියාව, පින්තාරු කිරීම්, වැත්තූම්, සේවා සහ නඩත්තු කිරීම් ද සිදුකරනු ලබයි. තවද නවීනතම උපකරණ සහ දක්ෂතාවන් ගෙන් පිරිපුන් කාර්ය මණ්ඩලයක් මඟින් සැදුම්ලත් ජංගම සේවා ඒකකය දිවයිනේ ඕනෑම ස්ථානයක වන හදිසි බිඳවැටීමකදී විගසින් ක්‍රියාත්මකවීමට සූදානම්ව සිටී.
යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම JCB LiveLinkනවීනතම තාක්ෂණය තම සේවා පහසුකම් අතරට එක්කර ඇත. එමඟින් දුරස්ථව යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය විමර්ෂණය කිරීමේ හැකියාව පවතී. JCB පාරිභෝගිකයින්හට යන්ත්‍රයෙහි ඇතිවිය හැකි ගැටළු තොරතුරු සහිතව කල්තියා දැනගැනීමට අවකාශය ලැබේ.