අංගොඩ ලොක්කාගේ ප‍්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු බව පැවසෙන සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (18) අත්අඩංගුවට ගෙන ඇත‍.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවකට එක් වෙමීන් ප්‍රකාශ කළේය.

පසුගිය කාල වකවානුවේදි අතුරුගිරිය ප්‍රදේශයේදී රූපලාවන්‍යාගාර ශිල්පිනියක් සහ මාළඹේ ඇවිදින මං තීරුවේදී පොලී රොෂාන් නැමැත්තා ඝාතනය සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මොහු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ ඝාතනයන් සිදු කිරිමේදී වෙඩි තැබීමට යොදා ගත් මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *