අපරික්ෂාකාරී වූ යතුරුපැදිය දුම්රියේ ගැටී 02ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කඳාන, පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේදී අපරික්ෂාකාරි අන්දමින් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා මියගොස් තිබේ.

දුම්රිය පැමිණෙන බවට සංඥා පහන් දැල්වෙමින් තිබියදී අදාළ යතුරුපැදිය දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇත.

ඊයේ(17) පස්වරුවේ සිදු වූ අනතුරෙන් තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ. මීගමුව දෙස සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

මියගිය පුද්ගලයින් කැළණිය ගල්බොරැල්ල සහ ගෝනවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අය බව සදහන් ය.

මේ අතර අම්බලන්ගොඩ, අකුරල ගල්දූව දුම්රිය හරස් මාර්ගයට ආසන්න ප්‍රදේශයකදී පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබේ.

මියගිය පුද්ගලයා වැල්ලවාය ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 3 =