කනගපුරම් විද්‍යාලයේ නව ක්‍රීඩාංගණය සිසු අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – කිලිනොච්චි කනගපුරම් විද්‍යාලයේ ඉදිකළ නව ක්‍රීඩාංගණය අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

2017 ඔක්තෝබර් 14 වනදා කිලිනොච්චි විශේෂ ආර්ථීක මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා සහභාගී වූ අවස්ථාවේදී එම විද්‍යාලයේ දරුවන් ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම පරිදි මෙම ක්‍රීඩාංගණය ඉදිකෙරුණු අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 05කි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *