කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ගේ සෞඛ්‍ය තත්වය සුව අතට

(කොළඹ, ලංකාපුවත්) – කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොඹවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සියලු පිරිස් අත්අඩංගුවට ගැනීමට හැකිවීම පිලිබඳව සතුටට පත්වන බව, පුජ්‍ය කිරිවෙහෙර සුගතවංශ හිමියන් පවසයි.

දින හයක් තුළ පරීක්‍ෂණ ක්‍රියාත්මක කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට සිය ස්තුතිය පළ කළේය.

විධිමත් පරීක්‍ෂණයක් තුළින් විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගන්නා ලෙස උන්වහන්සේ ඉල්ලා සිටි. ඒ අනුව නිත්‍යානුකූලව ලබාදිය හැකි උපරිම දඬුවම් ද දිය යුතු බවද උන් වහන්සේ කියා සිටියේය.

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ අවස්ථාවේ සිට අවශ්‍ය කරන ප්‍රතිකාර කටයුතු සඳහා ජනාධිපතිතුමා මැදිහත්වීම ද උන්වහන්සේ විසින් සිහිපත් කරනු ලැබීය. දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කොඹවක ධම්මින්ද හිමියන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට පත්වෙමින් තිබෙන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − nine =