කුඩයෙන් හෙරොයින් ඇද්ද බන්ධනාගාර නිලධාරියෙක් මාට්ටු

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙකු පෙරේදා (16) රාත්‍රි රාජකාරි සදහා පැමිණිමේදි බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඔහු පරික්ෂාවකට ලක්කර ඇත.

එහිදි ඔහු ගෙන යන ලද කුඩයේ තිබි හෙරොයින් 380mg තිබි හමුවි තිබේ.

අනතුරුව පසුව බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඊයේ (17) බොරැල්ල පොලිස්ථානය වෙත භාරදිමෙන් අනතුරුව බොරැල්ල පොලිසිය විසින් නඩු අංක B 16220/18 යටතේ මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම නිලධාරියා වයස අවුරුදු 44ක් පමණ වන අළුත් කොටස මාවතගම පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අක්මීමන ලියනගේ දොන් සුගත් චමින්ද ලියනගේ නැමති නිලධාරියෙකි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ බොරැල්ල පොලිස්ථානය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *