කොළොම්බියා ජනාධිපතිවරණයෙන් අයිවන් ඩූක් ජයගනී

(කොළඹ, ලංකාපුවත්) –කොළොම්බියා ජනාධිපතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක අයිවන් ඩූක් ජයග්‍රහණය කර තිබේ.

බොගෝටා අගනුවරදී ජනතාව අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ රට එක්සේසත් කරන බවට පොරොන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2016 වසරේදී ෆාර්ක් කැරලිකරුවන් සමග ඇති කර ගත් මතභේදාත්මක සාම ගිවිසුම වෙනස් කිරීමට තමන්ට අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් එහි දී පවසා තිබේ. කැරළිකරුවන් සිදුකර ඇති අපරාධවලට දැඩි දඩුවම් පමුණුවන බවද ඔහු ප්‍රකාශ කර ඇති බව සදහන් ය.

කොලොම්බියා ජනාධිපතිවරණයෙන් අයිවන් ඩුක් ජයගෙන ඇත්තේ 54%ක ඡන්ද ප්‍රතිශතයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =