ජපානයේ භූ කම්පනයක්

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම භූ කම්පනය රික්ච්ටර් මාපකාංක 6.1ක ප්‍රබලත්වයකින් සටහන්ව තිබේ.

ජපානයේ ඔසාකා ප්‍රදේශය ආශිතව මෙම භූකම්පනය සිදුව ඇති බව සදහන් වේ.

කෙසේ නමුත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නැති බව අවධාරණය කර ඇත. එසේම භූ කම්පනයෙන් ප්‍රදේශයේ න්‍යෂ්ටික බලාගාරවලටද බලපෑමක් එල්ල වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් ඔසාකා සහ අසල්වැසි හයිග්‍රෝ ප්‍රාන්තයේ විදුලිය විසන්ධිවීමෙන් එක්ලක්ෂ හැත්තෑ දෙදදහසකට පමණ බලපෑම් එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 16 =