ආණමඩුවේ නාගවිලටත් උදා ගම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) – ආණමඩුවේ ඉදිවන 16 වන උදා ගම්මානය වන නාගවිල් ගම්මානයේ නිවාස ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. එහි ඉදිකිරීමට යෝජිත නිවාස ගණන 25 කි.

මූලික ඉදිකිරීම් වෙනුවෙන් එක් පවුලක් වෙත ලබා දෙන මුදල රුපියල් ලක්‍ෂ 5 කි. එම මුදල් ප‍්‍රදානය කිරීම පසුගියදා (15) ආණමඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.

එහිදි මූලික ඉදිකිරීම් වෙනුවෙන් අදාල නිවාස හිමියන් වෙත චෙක්පත් ප‍්‍රදානය කිරීම සිදු විය. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ප‍්‍රදානයන් සිදු කෙරුණු අතර, එම අවස්ථාවට ආණමඩුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාද සහභාගී විය.

ආණමඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නාගවිල උදා ගම්මානයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

නව රජය බලයට පත්වීමෙන් පසුව ආරම්භ වූ උදා ගම්මාන වැඩපිළිවෙල තුළ වැඩිම උදා ගම්මාන ගණනක් ඉදි කෙරෙන්නේද ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේයී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *