ගුවන් මගීන්ට පැය 04 පෙර පැමිණෙන්නැයි දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – අද(18) දින සිට විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් මගීන් ගුවන් යානයේ පිටවීමේ කාලයට අනුව පැය 04 කට පෙර ගුවන් තොටුපලට පැමිණෙන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ ආගමන විගමන කවුළු සහ ඒ ආශ්‍රිතව සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතිවිය හැකි දුෂ්කරතාවයන් සහ ප්‍රමාදවීම් අවම කර ගැනීම් සඳහා මෙම පියවර අනුගමනය කරන ලෙස එම නිවේදනයෙහි සදහන් වේ.

අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය දුරකථන අංක 1979 ඔස්සේ මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *