ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතියට

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් 700 කට අධික සංඛ්‍යාවකගේ උපදේශනයෙන් සැලසුම් කළ ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීමට නියමිතය.

ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනා ගත් රාජ්‍ය හාපෞද්ගලික ආයතන 70 ක් එහි ක්‍රියාකාරී සැලසුම් සහ ක්‍රියාකාරකම් සමාලෝචනය කරඇති අතර එම මැදිහත් වීම් තුළින් අදාල පාර්ශවීය ආයතනවලට අදාලකටයුතු මෙම සැලැස්ම තුළ ඒකාබද්ධ කිරීමට කැපවීඇති අතර ඒවා ස්වකීය ආයතනවල ක්‍රියාකාරී සැලසුම්වලට අන්තර්ග්‍රහණය කර ක්‍රියාත්මක කිරීමට කැපවී ඇත.

ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්මේ ප්‍ර‍මුඛතා අංශ සඳහා වූ සැලසුම්, ක්‍රියාත්මක කිරීමේ ආයතනයන්හි අනුමැතියෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලබන සමස්ත සැලැස්ම ඇතුලත් කර ඇත.

ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම මගින්ශ්‍රි ලංකාව පුරා විවිධ ආයතන අතර ක්‍රියාකාරිත්වය සම්බන්ධීකරණය සිදු කරයි. ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්මේ උපදේශන ක්‍රියාවලිය මෙම සැලැස්ම සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා පුළුල් ජාතික සම්මුතියක් ගොඩ නගයි.රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර කාර්යක්ෂම සම්බන්ධීකරණය මෙම සැලසුමේ ප්‍ර‍ගතිය සඳහා ශක්තිමත් අඩිතාලමක් සපයනු ඇත. කැබිනට් අනුමැතියෙන් පසු මෙම සැලසුමක්‍රියාත්මක ‍කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සහයෝගීතාවය උපරිම මට්ටමින් අපේක්ෂා කෙරේ.

ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මේ (NES)ප්‍රමුඛතා කඩිනම්ව ක්‍රියාත්මක කිරීමට බොහෝ ජාතික ආයතන දැනටමත් සැලසුම් කර ඇත.එබැවින්, ජාතික මට්ටමේ‍ ප්‍රමුඛතා සඳහා බොහෝ මූල්‍යප්‍රතිපාදන 2018 අයවැයට ඇතුලත් කර ඇත.ඒ අනුව අපනයනපරිපාලන ක්‍රියාවලීන්හි ප්‍රධාන ප්‍රතිසංස්කරණ, වෙළඳ කටයුතු ලිහිල් කිරීම සඳහා නවමෙවලම් හා පද්ධති සකස් කිරීමමෙන්ම අපනයන නවෝත්පාදනයන් සහ ප්‍රවර්ධනය දිරිමත් කිරීම යනාදීන් ආරම්භ කිරීමට නියමිතය.

ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම (NES)අපනයන ක්ෂේත්‍ර‍ය නගා සිටුවීම සඳහා කාලෝචිත අභිප්‍රේරණයක් වේ. අපනයන ආදායම ඉහළ නැංවීම සහ දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම යනාදී ජාතික ආර්ථික කවුන්සිලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී මෙම සැලසුම අත්වැලක් සපයනු ඇත.

ආර්ථිකප්‍රතිසංස්කරණවල වත්මන් ප්‍රවණතාවය සමග ඉහළ යන කලාපීය වෙළඳ අවස්ථාවන්, ශ්‍රිලංකාව නව අපනයන යුගයක් කරා ගෙන යාම හා අපනයන වර්ධනයක් අත් කරගැනීම සඳහා ඉවහල් වේ.

මෙම අවස්ථාවන්ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේඅපනයන සැබෑ විභවයන් කරා ළඟා විය හැකි ප්‍රතිසංස්කරණයන් සඳහා පැහැදිලි දර්ශනයක් මෙම සැලසුම මගින් යෝජනා කෙරේ.”ශ්‍රි ලංකාව – නවෝත්පාදනය සහ ආයෝජන මගින් මෙහෙයවන අපනයන කේන්ද්‍රස්ථානයක්”යන නව දැක්මක් යටතේ ජාතික අපනයන උපාය මාර්ගික සැලැස්ම (NES)ක්‍රියාත්මක කිරීම තුළින් නැගී එන අංශශක්තිමත් කිරීම සඳහා අවශ්‍යපහසුකරලීම සපයන අතර එමගින් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත්‍ර‍යම ප්‍රතිලාභ ලබනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *