ශ්‍රී ලංකාව කොදෙව්වන්ට වඩා ලකුණූ 287 ක් ඉදිරියෙන්

(කොළඹ, ලංකාපුවත්) –බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සිව්වන දිනයට අත්හිටුවන විට ඊයේ (17)දිනයේ දී සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 ක් දැවි ලකුණූ 334 ක් ලබා සිටියේය.

මෙ අනුව කොදෙව් කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 02 ක් අතැතිව ලකුණු 287 ක් ඉදිරියෙන් සිටි.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණූ 87 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණූ 62 ක් ලබා ගනිමීන් ඉනිම ශක්තිමත් කළහ.

අද (18) තරගයේ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 253
කොදෙව් පළමු ඉනිම – 300

Leave a Reply

Your email address will not be published. Required fields are marked *