අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – මාතලේ, පලාපත්වල නිල්දිය උයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු මියගොස් පොලිස් කොස්තාපල්වරයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

මෙලෙස මිගොස් ඇත්තේ දඹුල්ල තිත්තවැල් ගොල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි මලවිආරච්චි නැමැති පොලිස් සැරයන්වරයෙකි.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × five =