(කොළඹ, ලංකාපුවත්) – අභාවප්රාප්ත ප්රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සීදුව රෝමානු කතෝලික සුසාන භූමියේදී හෙට (20) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
ප්රවීණ සංගීතවේදි අයිවෝ ඩෙනිස් මහතාගේ දේහය සීදුව කොළඹ පාරේ අංක 562 දරණ නිවසෙහි මේවන විට තැම්පත් කර තිබේ.
කලක් රෝගාතුරව සිටි අයිවෝ ඩෙනිස් මහතා ඊයේ (18) පස්වරුවේ අභාවප්රාප්ත විය. මිය යන විට ඒ මහතා 86 වන වියේ පසු වුණි.
සුනිල් ශාන්තයන්ගේ ඇසුර ලබමින් සංගීත ක්ෂේත්රයට පිවිසි අයිවෝ ඩෙනිස් මහතා, ඔහු සමග ගායනයෙන් නව නිර්මාණ රැසකට ද දායකත්වය ලබාදී තිබේ. පසු කාලයකදී සුනිල් ශාන්තයන්ගේ බොහෝ ගීත ගායනා කෙරුණේ ද අයිවෝ ඩෙනිස්ගේ හඬිනි. අයිවෝ ඩෙනිස්ගේ ස්වතන්ත්ර නිර්මාණ ගණනාවක් ද රසිකයින් අතර ජනප්රිය විය. ඔහු දායක වූ උදුම්බරා හිනැහෙනවා ගීතය ඒ අතර ප්රමුඛත්වය ගනී.