කිම් අද චීනයේ සංචාරයකට සූදානමින්

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියානු නායක කිම් ජොන් අන්, අද (19) චීනයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇති බව ජපාන පුවත්පතක් අනාවරණ කර ඇත.

නිකේ ව්‍යාපාරික පුවත්පත සඳහන් කරන පරිදි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සමුළුව සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් දැනුවත් කිරීම එම සංචාරයේ අරමුණය.

කිම් ජොන් අන් ගුවනින් චීනයට පැමිණීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා මේ වන විටත් ආරක්ෂක විධි විධාන යොදා ඇති බවත්, නිකේ පුවත්පත වැඩිදුරටත් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 8 =