ට්‍රම්ප්ගෙන් අභ්‍යාවකාශ හමුදා බලකායක්

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු ආරක්ෂක හමුදාවේ 06 වන බල ඇණිය අභ්‍යාවකාශ බලකායක් ලෙස ස්ථාපිත කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.

එමගින් ජාතික ආරක්ෂාව තහවුරු වන අතරම, රැකියා ජනනය කරමින් අමෙරිකානු ආර්ථිකය ද ශක්තිමත් කරනු ඇති බව ඔහු සඳහන් කර ඇත.

අමෙරිකාව අභ්‍යාවකාශයට පිවිසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එහි ආධිපත්‍යය පැතිර වීමට ද කටයුතු කළ යුතු බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම අමෙරිකානුවන් නැවත සඳ වෙත යැවීමට සහ අඟහරු වෙත මිනිසුන් යැවීමට පියවර ගන්නා බවට ද ඔහු ප්‍රතිඥාවක් ලබාදී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *