මගීන් 80 ක් රැගත් යාත්‍රාවක් ඉන්දුනීසියාවේදී අනතුරට

(කොළඹ, ලංකාපුවත්) –මගීන් 80 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඉන්දුනීසියාවේදී අනතුරට ලක්ව තිබේ.

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ සංචාරක පාරාදීසයක් වන ටොබා නදියේදී යාත්‍රාව අනතුරට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අනතුරට ලක්වූවන් අතුරින් 18 දෙනෙකු බේරාගෙන තිබේ. එක් අයෙකු මිය ගොස් ඇති බව ද සඳහන්ය. මෙය පුද්ගලයින් 60 දෙනෙකුට පමණක් ගමන් කළ හැකි යාත්‍රාවක් වුව ද එහි ප්‍රමාණය ඉක්මවා මගීන් ගමන් කර ඇතැයි වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ දැඩි සුළඟක් පැවති බව ද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *