වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයෙන් ජනපතිට විශේෂ උපහාර තිළිණයක්

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ සේවය අගයමින් ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්වීම අද (19) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රජයේ වෛද්‍ය පරිපාලන සේවා සංගමයේ සභාපතිනි සුජාතා සේනාරත්න මහත්මිය විසින් එම උපහාර තිළිණය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 2 =