බුද්ධික පතිරණට නියෝජ්‍ය ඇමති ධුරයක්

(කොළඹ, ලංකාපුවත්) –කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *