මහනුවර උමං මාර්ග ඉදිකිරීම් පිළිබඳව සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – යෝජිත මහනුවර උමං මාර්ග ඉදිකිරීම් පිළිබඳව කොරියානු රජයේ ශ්‍රී ලංකා තානාපති හේඔන් ලී මහතා සමඟ සාකච්ඡාවක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පැවැත්වීය.

අදාළ හමුව එම අමාත්‍යංශයේ දී පැවැත්වුණි.

එහිදී යෝජිත මහනුවර උමං මාර්ග ඉදිකිරීම පිළිබද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සකස් කළ ව්‍යාපෘතිය පිළිබඳව එහිදී සාකච්ඡා කරන ලදි.

එම සාකච්ඡාව සදහා එම අමාත්‍යංශයේ ලේකම් ඩී. දිසානායක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ පාරිසරික සහ සමාජ සංවර්ධන අංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *