සෞඛ්‍ය‍ සේවා වැට් බද්ද ජූලි 01 සිට ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය සේවා සඳහා පනවා තිබූ 15%ක වැට් බද්ද ජූලි පළමුවැනි දා සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ප‍්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යංශයේ ඊයේ(19) පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එම යෝජනාවට ඊයේ(19) පැවති කැබිනට් මණ්ඩලයේ දී ද අනුමැතිය හිමි ව ඇත. නව බදු පනතට සිදුකළ සංශෝධන සියල්ලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගන්නා බව ද මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

මීට පෙර බාහිර රෝගී අංශ මඟින් ප්‍රතිකාර ගැනීමේ දී අය කළ වැට් බද්ද ඉවත් කරන ලදී. එහෙත් පෞද්ගලික රෝහල්වල කාමර ගාස්තු සඳහා පනවා තිබූ වැට් බද්ද එසේම පවතිනු ඇත. වර්තමානයේ දී අඩු ආදායම්ලාභී සාමාන්‍ය ජනතාව පෞද්ගලික අංශයේ රෝහල්වලින් ප්‍රතිකාර ගනීමට වැඩි වැඩියෙන් යොමු වී සිටින අතර ඔවුන්ට සහනයක් වශයෙන් මෙම වැට් බද්ද ඉවත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සෞඛ්‍ය සඳහා 2014 පෙර පැවැති රජය වෙන් කළේ දළ දේශීය ආදයමෙන් සියයට 01%ක් පමණි. එහෙත් වත්මන් රජය එම මුදල තුන්ගුණයකින් වැඩි කොට තිබේ. 2020 වනවිට සෞඛ්‍ය සඳහා රජය විසින් වෙන්කරන මුදල සියයට 5% දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

ලේඛකයින්ගේ කර්තෘ භාගයෙන් බදු අයකිරීම ලේඛක සංවිධානවල ඉල්ලීම පරිදි වාර්ෂික ආදායම රුපියල් 50,000 ට වැඩි හා රුපියල් එක් ලක්ෂය ඉක්මවා ආදයම් ලබන යගෙන් පමණක් අය කරගැනීමට පියවර ගෙන
තිබේ.

රජයට මේ සියලු සහන ලබාදීමට හැකිව තිබෙන්නේ, මහජනතාවගෙන් අය කරන බදු මුදලින් නව බදු පනත 2018 අප්‍රේල් 01 දා සිට ක්‍රියාත්මක වීමෙන් පසු අලුත් බදු ලිපි ගොනු 69000ක් පසුගිය මාස දෙක තුළ දී විවෘත කොට ඇති අතර මහජනතවට බදු ගෙවීමට ඇති කමැත්ත මෙයින් පැහැදිළි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =