විදේශිකයින් දෙදෙනෙකුට මරු කැඳවූ දක්ෂිණ අධිවේගයේ අනතුර

(කොළඹ, ලංකාපුවත්) –දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ 65 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් විදේශිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

අද(20) උදෑසන 5 ට පමණ සිදුවු මෙම මාරක රිය අනතුරින් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් හා වයස අවුරුදු 4 ක කුඩා දැරියක් මිය ගොස් ඇත.

කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වු වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවසීය.

මාර්ගය අයිනේ කාර්මික දෝෂයක් හේතුවෙන් නතර කර තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඇති වෑන් රථය පෙරළී ගොස් අනතුරට පත්ව තිබේ.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් ඕස්ට්‍රේලියානු ජාතිකයින් සිව් දෙනෙකු හා ලොරි රථයේ රියදුරු තුවාල ලබා කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් විදේශීය ජාතික කාන්තාවක් හා කුඩා ගැහැණු දරුවා මිය ගොස් ඇති තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ කොලින් ලුවිස් මොනිකා නැමති වයස අවුරුදු 37 ක් වු ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් හා කොලින් පොපි ග්‍රේබ්බියල් නැමති වයස අවුරුදු 4 යි මාස 5 ක් වු කුඩා දැරියක් බව පොලීසිය පවසයි.

මෘත ශරීර ඇල්පිටිය හා නාගොඩ යන රෝහල්වල තැන්පත් කර තිබේ.

මෙම අනතුර සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *