අයිවෝ ඩෙනිස් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති සීදුව පිහිටි නිවසට ඊයේ (20) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, ඒ මහතාගේ රසික රසිකාවියන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.

දේහය පිළිබඳ අවසන් කටයුතු සීදුව රෝමානු කතෝලික සුසාන භූමියේදී ඊයේ පස්වරුවේ සිදු කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × five =