ආරක්‍ෂිත අන්තර්ජාල භාවිතය ගැන දැනුවත් කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – මඩකලපුව දිස්ත්‍රික්කයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සදහා අන්තර්ජාල ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසි මාලාවක් පසුගියදා පැවැත්වුණි.

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ආරක්‍ෂිතව භාවිත කිරීම පිළිබඳ එම ප්‍රදේශවල යෞවනයන් තුළ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ විය.

එයාර්ටෙල් ලංකා සමාගම සහ වර්ල්ඩ් විෂන් ආයතනය එක්ව මෙම සැසි මාලාව පවත්වන ලදි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ දත්ත අනුව සයිබර් අවභාවිතය, අනිසි බලපෑම් කිරීම සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිදු කෙරුණු අධ්‍යයනයක් පිළිබඳවත් එමගින් ඇති වී ඇති සියදිවි හානිකර ගැනීම වැනි ඛේදනීය තත්ත්වයන් මෙහිදී සාකච්ඡා කෙරුණි. මෙම ගුරු පුහුණු වැඩසටහන් යටතේ එම ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් 6,000කට අධික සංඛ්‍යාවක් වෙත ළඟා වීමට හැකිව තිබේ.

පාසල් සිසුන් සයිබර් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් සමාජ ජාල සම්බන්ධ සිද්ධීන් 2011 වසරේ සිට 2017 දක්වා සියයට 300කින් වර්ධනය වී ඇති බවක් එම දත්ත පෙන්වා දෙයි. මෙරට ප්‍රමුඛතම අන්තර්ජාල සේවා සම්පාදකයෙක් ලෙස එයාර්ටෙල් සමාගම, එවැනි සයිබර් අපරාධවලින් තරුණ – තරුණියන් මුදවා ගැනීමටත් ඔවුන්ට සුරක්‍ෂිත වටපිටාවක් ගොඩනැගීමටත් ඔවුන්ට අවශ්‍ය අවවාද ලබාදීමටත් මූලිකත්වය ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − fifteen =