චන්දිමාල්, කුසල්, ලක්මාල් හා ළහිරු ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි 09 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සමත් ව තිබේ.

මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 119ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 39ක් ලබා ගත් දිනේෂ් චන්දිමාල් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ සිට 09 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණ ඇත.

එසේම කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන්ශ්‍රේණිගත කිරීම්හි 12 වැනි ස්ථානය හිමිකර ගෙන තිබේ. ඒ අනුව කුසල් මෙන්ටිස් 16 වැනි ස්ථානයේ සිට 12 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

මේ අතර වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 29 වැනි ස්ථානයත් ළහිරු කුමාර එම සටහනේ ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් 51 වැනි ස්ථානයත් දිනා ගැනීමට සමත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *