මහවැලි ගඟේ අතුරුදහන් වූ විදෙස් තරුණියගේ මළ සිරුර සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –මහවැලි ගඟේ ගොහාගොඩ ප්‍රදේශයේ දී සෞදි අරාබියානු හා දෝහ කටාර් ජාතිකයින් ගමන් කළ බෝට්ටුවක් පෙරළීමෙන් අනතුරුදන් වු කාන්තාවගේ මළ සිරුර අද(21) හමුවී තිබේ.

මෙම අනතුරින් බෝට්ටුවේ ගමන් කළ විදේශීය ජාතිකයින් 6 දෙනෙකු දිවි බේරා ගෙන තිබිණි.

කෙසේ වෙතත් කටුගස්තොට පොලීසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව වරාතැන්න ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ තිබිය දී මෙම මළ සිරුර සොයා ගැනීමට හැකිව ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි සෞදි අරාබියානු විශ්වවිද්‍යාල තරුණියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =