(කොළඹ, ලංකාපුවත්) –2018 වසර සඳහා පෙනී සිටින අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග අපේක්ෂකයන් තම ජාතික හැඳුනුම්පත් සඳහා අයැදුම්පත් කඩිනම් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස ඉල්ලීමක් කෙරේ.
මේ වන විට ඉල්ලුමපත් 40%කට ආසන්න ප්‍රමාණයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොමැති බව වාර්තා වේ.
නියමිත කාලය තුළ ඉල්ලුම්පත් යොමුකිරීමෙන් විභාග අපේක්ෂකයන්ගේ මෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු වඩාත් පහසු වන බව එහි කොමසාරිස් ජනරාල් පී.වී.ගුණතිලක මහතා පැවසීය.
යොමු කර ඇති පාසල් ඉල්ලුම්පත් අතරින් සැලකියයුතු ප්‍රමාණයකට හැඳුනුම්පත් මේ වන විට නිකුත් කර තිබේ
චක්‍රලේක උපදෙස් නිසි පරිදි කියවා අවබෝධ කර නොගෙන යොමු නොකිරීම හේතුවෙන් ගැටළු මතු වී ඇති බව කොමසාරිස්වරයා සදහන් කළේය. ඉල්ලුම්පත් ලබා දී ඇති චක්‍රලේඛ උපදෙස් පරිදි නිසි ලෙස සම්පූර්ණ කර කඩිනමින් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස ද ඉල්ලීමක් කෙරේ.
සියලු පරිවෙනාධිපතිවරුන්, විදුහල්පතිවරු, විභාග අපේක්ෂක පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා පැවසීය.