ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය තාවකාලිකව වැසෙයි

(කොළඹ, ලංකාපුවත්) – උණ රෝගයක් හේතුවෙන් මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමකින් තොරව වසා දැමු බව එහි අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය මහතා සඳහන් කළේය.

විද්‍යාලයේ සිසුන් අතර රෝගය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

සිසුන් 250කට අධික පිරිසක් කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සිසුන් 11 දෙනෙකු රෝගීවීම හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කළ පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව සඳහන් ය.

අදාළ සිසුන් උණ, වමනය, පාචනය ඇතුලු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් අධිකාරිය නිර්දේශ කර ඇත්තේ රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකෘර්ම විද්‍යාලය තාවකාලිකව වසා දමන ලෙස බවද එ අනුව මෙම පියවර ගත් බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 1 =