චන්දිමාල්ගෙන් අභියාචනයක්

(කොළඹ, ලංකාපුවත්) – බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව දිනේෂ් චන්දිමාල් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා – කොදෙව් දෙවන ටෙස්ට් තරගය අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල වී තිබූ චෝදනාවලට ඔහුව වැරදිකරු බවට පත්කර නම් කර තිබිණි.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියේ, චන්දිමාල්ට එක් තරගයක තහනමක් පැනවීමට සහ දෙවන ටෙස්ට් තරගයේ තරග මුදල සියයට සියයක දඩ මුදලක් ලෙස නියම කිරීමට තීරණය කර ඇත.

අදාළ තරගයේ දී දිනේෂ් චන්දිමාල් තම සාක්කුවෙන් යම් දෙයක් ගෙන මුවෙහි දමා ගෙන ඉන් අනතුරුව එහි සාරය ගෙන පන්දුව පිරිමදින ආකාරය රූපවාහිනී කැමරාවල සටහන්ව තිබූ අතර එම රූපරාමු පදනම් කරගනිමින් චන්දිමාල්ට පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට චෝදනා ගොනු කර තිබුණි.

කෙසේ වෙතත් එම චෝදනා සම්බන්ධයෙන් තමා වැරදිකරු නොවන බව චන්දිමාල් ප්‍රකාශ කර තිබූ නිසා තරගයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත් විය.

දෙවන දිනය අතරතුර තමා යම් දෙයක් මුවේ දමාගත් බව එම පරීක්ෂණයේ කරුණු විමසීමේදී චන්දිමාල් පිළිගෙන ඇති අතර ඒ කුමක්ද යන්න තමාට නිශ්චිත නොමැති බව චන්දිමාල් තරග තීරක ජවගාල් ශ්‍රීනාත් මහතා ඉදිරියේ පවසා තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *