ට්‍රම්ප් සහ එලිසබෙත් රැජින අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එලිසබෙත් රැජින හමුවීමට නියමිත බව බ්‍රිතාන්‍යයේ අමෙරිකා තානාපති රොබට් වුඩ් සදහන් කර ඇත.

අමෙරිකා ජනාධිපතිවරයා ලබන මාසයේදී බ්‍රිතාන්‍යයේ සංචාරයකට සහභාගී වේ.

මෙම සංචාරය ලබන මස 13 වනදා ආරම්භ වන බව සදහන් වේ.

මේ පිළිබද සොයා බැලීමට අමෙරිකා ජනාධිපතිවරයාගේ විශේෂ නිලධාරී කණ්ඩායමක් ලබන සතියේ එංගලන්තයට යාමට සූදානම්ව සිටි.

මෙම සංචාරයේදී අමෙරිකා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද හමුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *