(කොළඹ, ලංකාපුවත්) – තැපැල් සේවකයින් සඳහා ජුනි මස වැටුප් ගෙවන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බව තැපැල්පති අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රෝහණ අබේරත්න සඳහන් කර ඇත්තේ, සේවයට වාර්තා නොකර තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි මස 01 වන දා සිට ජුනි 11 වන දා දක්වා පමණක් වැටුප් ගණනය කරන බව ය.
කෙසේ වෙතත්, දැනට අඛණ්ඩව ක්රියාත්මක වැඩ වර්ජනය අවසන් කර නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අබේරත්න කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.