ගාල්ල නගරය ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රමවත් සැලැස්මකට අනුව ගාල්ල නගරය ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගාල්ලේ දී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දියුණු රටක් ලෙස ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළේ දී සංචාරක ක්‍ෂේත්‍රයට මුල් තැනක් දීමට රජය පියවර ගෙන ඇති බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කය දකුණු ආසියාවේ හොඳම සංචාරක ප්‍රදේශය බවට පත් කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරුන් වන සාගල රත්නායක, වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *