ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අද(25) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ ඇත.

ඒ , ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙනු පැමිණිල්ලකට අදාළ පරීක්ෂණයක් හේතුවෙන් ප්‍රකාශය ලබාදීම සදහා ය.

මෙම සිද්ධියට අදාළව ඒ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *