පොසොන් උත්සවයට විශේෂ ප්‍රවාහන පහසුකම් – ආරක්‍ෂාවට පොලිසියෙන් 2598 ක්

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට බස් රථ 1500 ක් ධාවනයට යොදවා ඇති බව ය.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය.

ඔහු ඉල්ලා සිටියේ මහව සිට අනුරාධපුර දක්වා පටු පාලම් පවතින බැවින් පා පුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙසයි.

එසේම පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2598 ක් රාජකාරියේ යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + 8 =