රත්මලානේ වෙඩි තැබීමක්

(කොළඹ, ලංකාපුවත්) – රත්මලාන, චකින්දාරාම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබිමකින් හමුදා කෝප්‍රල්වරයෙක් තුවාල ලබා ඇති බ ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

අද (25) පෙරවරු 07.20 පමණ වෙඩි තැබීම සිදුව ඇත.

පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇති මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුව තිබේ.

මේ අතර කොටහේන පොලිස් වසමේ ජම්පටාවිදිය, 137 වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට ඊයේ(24) රාත්‍රී 9:15 පමණ වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 9 =