(කොළඹ, ලංකාපුවත්) – රතු රෝස ටෙලිනාට්‍යය යළි විකාශය කරන්නැයි ඉල්ලමින් දිනපතා විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බව රතුරෝස ටෙලිනාට්‍යයේ නිෂ්පාදක සහ අධ්යක්ෂ රන්ජන් ද සිල්වා මහතා පවසයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ අදාළ නිර්මාණ යළි විකාශය කිරීමට නොහැකි තාක්ෂණික ගැටළුවක් පවතින බවයි.
රන්ජන් ද සිල්වා මහතා තබා තිබූ ෆේස්බුක් සටහන….
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ විවිධ රටවල සිටින අපගේ සුවහසක් ආදරණිය ජනතාව ඉතාමත් විශාල වශයෙන් දිනපතාම මාගේ මුහුණු පොත වෙත පණිවිඩ එවනවා මේ නිර්මාණ නැවත විකාශය කරන්න යන ඉල්ලීම..
මා විසින් නිර්මාණය කරන ලද ටෙලි වෘත්තාන්ත විශාල ප්‍රමාණයක් අතුරින් ” සුදු පරෙවියෝ” අරවින්ද සහ ඉන්දු”. “උදාගිර” “රතු රෝස” වැණි ටෙලි නාට්‍ය රෑපගත කරන සමයේ ලංකාවේ පැවති තාක්ෂණය.. එනම් U- Matic Low Band, අද පවතින විකාශණ ඩිජිටල් තාක්ෂණය සමග සසදන්න බැහැ..
එම නිසා නැවත විකාශනය කරන්න තරම් සුසුදුසු තත්වයක නැහැ.. ඒ දවස්වලම විශාල පිරිසක් ජාතික රෑපවාහිනියෙන් ඉල්ලීම් කලා නැවත විකාශය කරන්න කියලා, එම නිසාම ජාතික රෑපවාහිනියෙන් පමනක් හත් වරක් (07) විකාශය කලා.. විවිධ රෑපවාහිනී වැඩසටහන් පිලිබදව සතිපතා කෙරෙන සමීක්ෂණ වාර්තා අනුව ලංකාවේ ජනග්‍රහණයෙන් 98%, ජනප්‍රියත්වය දිනාගත් අදත් එකම ටෙලි නාට්‍ය “රතු රෝස”
දැනට ලංකාවේ විවිධ පලාත්වල සහ විදේශීය රසික රසිකාවියන් ලක්ෂ ගානක් දිනපතාම පණිවිඩ එවනවා.. නමුත් ඒ කාලය තුල නිර්මාණය කරන ලද කිසිම නිර්මාණයක් වර්ථමාන තාක්ෂණය සමග ගැලපෙන්නෙ නැ.. ඔබලා වැනි නිර්මාණාත්මක අගය දන්නා රසික පිරිසක් සිටීම ඉතාමත් සතුටක්..